Tuesday, August 9, 2016

සංසාර ආදරේ සත්වන කොටස





සැරෙන් සැරේ බලාපොරොත්තු බිද වැටි වැටි උනත් මං හදපු හීන මාළිගා ආයෙමත් වතාවක් මගේම දෙපතුළ ගාව කඩාගෙන වැටුණා.... තරංග එක්ක සතුටෙන්ම හිටපු දවස... මගේ මුළු ජීවිතේම සතුටින්ම ගෙවුණු දවස් දෙක මේ තරම් දුකක් වෙයි කියලා මම හීනෙන්වත් හිතුවේ නැ... කිසිදෙයක් හිතා ගන්න බැරුව තප්පර ගානකට මාව ගොළු උනා... එත් තරංග දැන්ම යයි කියලා මතක් උන නිසා මම එයාව තියාගන්න වචන ගලපන්න බැලුවේ මගේ ජීවිතය අයදින ගමන්...

" අනේ එත් තරංග.... "

" එත් නෙවේ දැහැමි තේරුම් ගන්න මම ඔයාට මේක හැමදාම කිවුවා... ඔයා හැමදාම අඩලා වැලපිලා මාව තියාගන්න හදනවා... මේකෙන් වෙන්නේ අපි දෙන්නගෙම ජිවිත විනාස වෙන එක... අර අහිංසක කෙල්ලගේ ජීවිතෙත්... පිල්ස් අදින් පස්සේ මේක කරන්න බැ... අපි එක තේරුම් අරන් ජිවත් වෙමු... "

" ඔයා කොහොමද මට මෙහෙම කරන්නේ තරංග... මං කොහොමද ඔයා නැතුව ජිවත් වෙන්නේ... "

" දැහැමි ඔයා හරියට කතා කරන්නේ මම ඔයාගේ ජිවිතේ විනාස කළා වගේ නේ... වෙන කොල්ලෝ වගේ මම ඔයාගෙන් අයුතු ප්‍රයෝජන ගත්තද? නැ නේ... එහෙම වෙලත් ඇයි මං කියන දේ තේරුම් නොගෙන මෙහෙම කතා කරන්නේ.... "

" මට තේරෙනවා එත් මට ඔයා නැතුව ජිවත් වෙන්න බැ තරංග... "

" අන්න දැක්කද ඔයා මට කලින් මොනවද කිවුවේ... ඔයා කිවුවා රාධා ආව දට යන්න දෙනවා කියලා... එත් දැන් ඔයා කියන දේ බලන්න... ඔයාට තේරෙනවා නේද කොව්චර අමාරුද කියලා... අනික ඔයාට වඩා සම්භන්ධයක් මට රාධා එක්ක තියනවා... වැඩිම උනොත් මම ඔයාගේ අතින් අල්ලා ඇති... එත් රාධා එක්ක මම හැමදේම කරලා තියනවා... ඔයාට මම නැතත් වෙන කෙනෙක් බදින්න පුළුවන්... එත් එයාට බැ... මමයි ඒවාට වග කියන්න ඕන... මම එදා ඉදන් මේක ඔයාට කියනවා... ඒ අස්සේ මම ඔයාවත් යාලු කරන් මේ කරන්නේ අපි හැමෝවම අමාරුවේ වැටෙන වැඩක්... ඔයාට තේරෙනවා නේ... මට මේක හැමතිස්සෙම කියා කියා ඉන්න බැ තේරුම් ගන්න ප්ලීස්... "

" හරි මට තේරෙනවා... මම ඔයාව එයා ආව දාට නතර කරන්නේ නැ... එයා එක්ක යන්න.... මම එක පොරොන්දු වෙන්නම්... එත් එතකන් මාත් එක්ක ඉන්න... ප්ලීස්... මම මගේ ජිවිතේ වෙන කවුරුත් නැ කතා කරන්නවත් ඔයා ඇරුනහම... අනේ ප්ලීස් තරංග... "

" ඔයා කොච්චර කිවුවත් තේරුම් ගන්නේ නැ නේ දැහැමි.... මං ඉන්නම් හැබැයි ආයේ කවදාවත් හම්බ වෙන්න බැ... ඔයා මං මත යැපෙන්න එපා... "

එදා ඒ කතාව එතනින් ඉවර උනා... කිවුවා වගේම එයා ආයේ මාව හම්බවෙන්න ආවේ නැ... තරංග ඊට පස්සේ මාත් එක්ක කතා කලේත් හරි අඩුවෙන්... කෝල් එකක් නම් කවදාවත් ගත්තේ නැ... එයාට ඕන උනේ මාව එයාගෙන් ඇත් කරන්න... නිතරම වගේ ඒ කතා නිසා අපි අතර රණ්ඩු ඇති උනා... විශේෂෙන්ම රාධා එයාට කෝල් කල දාට.... තරංග ඒවා නිසා ගොඩක් දුක් උනා... එත් මට නම් තේරුණ එකම දේ ඒ කෙල්ල එයාව රවට්ටනවා කියන එක විතරයි... එත් ඒ ඇයි කියන්න හේතුවක් මට තේරුනේ නැ... එක කියපු හැම වෙලාවකම එයා මට බැන්නා... වෙලාවකට හිතුනා ඒ කෙල්ලව හොයාගෙන ගිහින් තරංගව මගෙන් ඇත් කරන්න එපා කියලා ඉල්ලන්න... එත් මගේ සැකේ ඇත්ත නම් ඒ කෙල්ල එක තරංගට කියලා එයාට මාව එපා වෙන තැනට වැඩ කරන්න පුළුවන් කියලා හිතුන නිසා ඒ අදහසත් අත් ඇරලා දැම්මා... මට කියලා කරන්න කිසි දෙයක් තිබුනේ නැ අඩනවා ඇරෙන්න... දුක කියන්න අම්මෙක් තාත්තෙක් නැති මට අඩන එක තරම් සහනයක් විසදුමක් වෙන තිබුනා කියලා අදටත් මට හිතෙන නැ... ඉස්සර අපි හම්බුන දවස් වල ඉදන් මායි තරංගයි සින්දු කැලි මැසේජ් කරගන්නවා අපෙ ආදර කතාවට ගැලපෙන හිතට එන ඒවා... එත් දැන් නම් එහෙම උනේ නැ මාස ගානකින්.... එත් එක පාරටම දවසක් තරංගගෙන් මැසේජ් එකක් ආවා සින්දු කැල්ලක්...

" යන්න මද නළේ
   පවසන්න දුක මගේ
   යන්නට හැක්කේ නුඔට පමණයි
   සිර ගෙයට ඇගේ.... "

හැමතිස්සෙම තරංග වෙනස් වෙලා මට ආදරේ කරයි කියලා බලන් හිටපු මට මේක දැක්කම පුදුම කලකිරීමක් ඇති උනේ... එදයින් පස්සේ තරංග වැඩියෙන් ඒ වගේ හිත රිදෙන දේවල් කළා මාව ඇත් කරන්න...  වැඩි කාලයක් එහෙම ඉන්න උනේ නැ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ අපේ ගෙදර වහලේ මහා රෑ කඩාගෙන වැටුණා... හොදටම දිරලා කැලි කඩාගෙන වැටි වැටි තිබ්බ වහලේ සති ගානක් එක දිගට තිබ්බ වැස්සට පෙගිලා උළු බර වෙලා කඩා වැටෙන බව මං කලින් දැන්න් හිටියට ඒකැ හදන්න තියා එදා වෙලා කන්නවත් මං අතේ සල්ලි තිබ්බේ නැ... ගේ කඩා වැටුන එක තරංගට කිවුවම එයා කිවුවේ එවෙලේ රැම වෙන ලග ගෙදරකට යන්න කියලා... එත් අපේ ගමේ කවුරුත් වත් නෑදෑයෝ වත් අපේ උදවුවට ආවේ නැ සති ගානක් ගියත්... මහා වැස්සට තෙමි තෙමි කාගේවත් හවූහරනක් නැතුව මායි මල්ලියි ඒ ගෙදර මාසයක් ගෙවෙන්නත් ලගයි දැන්....




- මතු සම්භන්දයි -













Friday, August 5, 2016

බිනරි is back




මාව මතක අය ඉන්නවාද ?
මෙච්චර කල් ලියන්න විදිහක් තිබුණේ නැ කොම අභාවයට ගිහින්... නමුත් මම උත්සහ කළා ෆෝන් එකෙන් හරි ලියන්න... එත් ඒ වැඩේත් හරි ගියේ නැ ගොඩක් අය අකුරු වැරැදී කිවුව නිසා එකත් නැවැත්තුවා...
අවුරුද්දකට විතර පස්සේ ඔන්න ආයෙත් මම ලියන්න ක්‍රමයක් හොයාගෙන ආවා... මොකද කියන්නේ...
කියවන්න අය ඉන්නවා නම්.... නවත්තපු තැනින් පටන් ගමුද...

Saturday, September 26, 2015

සoසාර ආදරේ හයවන කොටස









රාඪා දැක්ක ගමන් ආපු කැලබිම හන්ගගෙන මම තරoග දිහා බැලුවෙ එයාත් මෙක දැකලාද බලන්න...

"එයි කොයි ලොකෙද ඉන්නෙ... කන්නෙ මොනවද කියලා මම කී පාරක් ඇහුවද..."  තරoග මගෙන් එවලෙ එහෙම අහපු නිසා එයා ඒ කෙල්ලව දැක්කෙ නැ කියලා හිතුනා... ී

"දැහැමි මොකද උනෙ ඔයාට..."

"මුකුත්  නැ තරoග... "

"ඉතින් කන්නෙ මොනාද කියන්නකො... මෙ මනුස්සයා මෙතන පැය ගානක් බලන් ඉන්නවා..."

"ම්ම්ම්... තොසේ කමු... ඔයා ආසද..."

"ම්ම්ම්... ආසයී... අපිට තොසෙ ගෙන්න..."

කන ගමන් එක එක දෙවල් කතා කරත් තරoගගේ කිසිම වෙනසක් පෙන්න තිබ්බෙ නැ... කාලා ඉවර වෙලා එයා අහපු දෙයින් එයා රාඪාව දැක්කෙ නැ කියලා මට තහවුරු උනා...

"මොකද කරන්නෙ... දැන්ම ගෙදර යනවද...."

" අනේ තරoග හවස් වෙනකන් ඉමු... ඊයෙ ආවෙත් දවල් වෙලා නෙ..."

"ම්ම්ම්... එහෙනම් ෆිල්ම් එකක් වත් බලමුද..."

"හා බලමු..."

"ෆිල්ම් හොල් එකක් දන්නවද ඔයා..."

 "නැ තරoග... මම මෙහෙ ඇවිත් නැ වැඩිය...."

"එන්නකො එහෙනම්... විල් එක්කට කියමු ගිහින් දායි..."

එහෙම ගිහින් දහයයි තිහ ශෝ එක බැලුවා එයා එක්ක... වෙන කොල්ලෙක් එක්ක ගිය්ස නම් බොක්ස් නෙද කියලා මට හිතුනා....... එත් තරංගගෙ ප්‍රතිපත්ති නිසා එයා සාමාන්‍ය ටිකට් දෙකක් අරන් තිබ්බා... ඒ ෆිල්ම් එක ඇහැලෙපොල කුමාරිහාමි... ඒ උණුසුමට තුරුල් වෙලා ආසාවෙන් හිටියත් ආවසානෙ දුකයි...

ෆිල්ම් එක ඉවර වෙලා දවල්ට කාලා ගෙදර යන්න වෙලාවත් ආවා... යන්න බැ කියලා කැ ගහලා අඩන්න තරම් දුකයි... මෙ තනි ජිවිතේ සතුටින්ම ගෙවුනු දවස් දෙක ඊයෙයි අදයි... එත් ස්ටන්ඩ් එකට එනකොට බස් එක යන්න ස්ටර්ට් කරලා...

" ඔයා මෙ බස් එකට නගින්න දැහැමි... නැත්නම් තව වෙලා ගියොත් මටත් බස් නැති වෙයි..."

"අනේ..."

"අනේ දරුවො... දැන් අපි ගොඩක් වෙලා හිටියානෙ... "

ඇඩෙන්න ආවත් කදුලු හිර කරන්  මන් බස් එක පැත්තට හැරිලාත් ආයෙමත් තරංග දිහාට හැරිලා එයාගේ අත අල්ල ගත්තෙ වෙන් වෙන්න බැරි කමට... එවලෙ අතින් අල්ලලා මාව තරංග බස් එකට දැම්මෙ නැත්තන් තාමත් මම එතන ඉදි...

මම බස් එකට නැග්ග ගමන් තරංග එයාගෙ බස් එක හොයන්න ගියා... ඒ ගමන්ම මගේ බස් එක යන්න ගත්තයින් ආයෙ බහින්නත් හිතුනා... එත් එයාට බස් එක මග ඇරුනොත් බස් නැති වෙන බව දන්න නිසා ඒ ආයාසය මැඩගෙන හිටියා...

"අනේ තරංග... ඔයා බස් එකට නැග්ගාද..."
කියලා මැසෙජ් එකක් දැම්මෙ බහින්නදො  නොබහින්දො කියලා හිත හිත...

"ඔව්... මෙක නම් දැන්මම යන පාටක් නැ... ගිහින් කියන්නම් මට නිදිමතයි ටිකක් නිදාගන්න ඔනෙ..."

"හා..  පරිස්සමෙන් යන්න   "

_________________________________________________________

ගෙදර ගිහිල්ලා රැ එෆ්බි ගිය වෙලාවෙ තරංග චැට් එකට ආවා...

"ඔයාට කියන්න දෙයක් තියෙනවා දැහැමි...මෙක නොකිවුවොත් මං කරන්නෙ වැරැද්දක්..."

"මොකක්ද..." තරංග කියන්න යන දෙ හිතාගන්න බැරුව මං ඇහුවා...

"මම රාඪාව දැක්කා..."

"කොහෙදිද... නුවරදිද...ඩෙනිමක් නෙද ඇදලා හිටියෙ..."

"ඔව්... ඔයා කොහොමද දන්නෙ..."

"මාත් දැක්කා තරංග... එත් මං හිතුවෙ එක මගෙ හිතෙ මැවුන දෙයක් කියලා... ඔයා නැති වෙයි කියලා බයට එහෙම පෙන්න ඇති කියලා හිතුනා..."

" හිතෙ මැවුන දෙයක් නෙවෙයි... මම හොදටම දැක්කා බස් එකෙ ඉද්දි... එයා අම්මා එක්ක බස් එක පහු කරලා ගියා... මම අහක බලාගත්තා... එවලෙ නිදිමතයි කිවුවෙ බොරුවට... ඔයා එක්ක එහෙම හිටපු දවසෙම එක කිවුවම ඔයා අවුල් වෙයි කියලා හිතුනා... එත් දැහැමි මෙවා නොකියා බැ... මං කරන දෙයින් ඔයාගේ ජිවිතෙත් විනාශ වෙයි... අපි මෙ සම්භන්දෙ නවත්තමු..."

තරංග එහෙම කියයි කියලා මට හිතාගන්න බැරුව ගියා
..


-මතු සම්භන්දයි-



Friday, September 25, 2015

සංසාර ආදරේ පස් වන කොටස




මාස ගානක් පෙරුම් පුරලා පුරලා තරංගව හම්බවෙන දවස අන්තිමට උදා උනා... ඒ අපි ඉස්සල්ලාම හම්බුවුන දවසට මාස අටකට පස්සේ..  මේ තරම් ආදරයක් විශ්වාශයක් මට තරංග ගැන ඇති උනේ එයාව දකින්නවත් මුන ගැහෙන්නවත් නැතුව... එක පාරක් දැකපු ඒ මතකෙ හීනයක් වගෙ හිත අස්සේ තියන් මං හැමදාම ආදරෙ කලා... ඒ මුණ නිගැසුනු මාස අට හරියට කල්පයක් වගේ... එදා උදෙම මම ලැස්ති උනේ මගේ හීනෙ තිබුණු මුණ ආයෙමත් ඇත්තට දැකගන්න ආසාවෙන්... උදේ එකොලහ මාර විතර වෙනකොට කලින් කතා කරගත්ත විදියට මං පෙරාදෙනියේ පාර්ක් එකට ගියා... ගෙට් එක ළගට ගිහින් කොල් එකක් ගත්තේ එයා කොහෙද ඉන්නේ බලන්න...

"හෙලො කොහෙද ඔයා ඉන්නේ..."

"මං ඇතුලට ආවා ඔයා පරක්කු නිසා..."

"ආහ් ඉන්න මාත් එන්නම්..."

එහෙම කියලා මාත් ටිකට් එකක් අරන් ඇතුලට යනකොටම ගෙට් එකෙන් ඇතුලෙ තරංග ඉන්නවා දැක්කා... ඒ සුපුරුදු සැහැල්ලු ඇදුමමයි... ශොටයි ටිෂර්ට් එකයි... කෙල්ලෙක් හම්බෙනවා කියලා බොරු සොබන මුකුත් නැ... කොයිතරම් දුකක් දෙන්නගෙම හිත්වල තිබ්බත් හම්බුන ගමන්ම හිත පිරෙන්න තරංග හිනාවකින් මට සංග්‍රහ කලා... ඒ හිනාවට මටත් හිනා ගියේ ඉබෙටම වගේ...

"අම්මො දැක්ක කල්..." කතාවට මතෘකාවක් අල්ල ගන්න වගෙ තරංග එහෙම කිවුවා...

"එන්නෙ නැ නේ ඉතින් බලන්න..."

"හ්ම්ම්.. එක නේ... කොහෙද දැන් යන්නේ..."

"ම්ම්ම්... අර පැත්තට යමුද..."

මල් වත්ත වටෙම ගිහිල්ලත් ඉදගන්න තැකක් නැතුව... පොද වැස්සෙ තෙමි තෙමි ඇවිදලා ඇවිදලා අවසානෙට ඉදගන්න තැනක් හම්බුනේ හරියට අපි දෙන්නා වෙන වෙන අයට රැවටිලා අන්තිමට හම්බුනා වගෙමදො කියලා මට හිතුනා.. අනිත් අල්ලන්න තුරුල් වෙන්න ඔන කිවුවට ළගට ආවම ඒ හැම දෙයක්ම කටින් විතරයි කියලා තෙරුනෙ එයා ළගට ගියාම ආව ලැජ්ජාවත් එක්ක... බැග් එක මැදින් තියලා තණ පිට්ටනිය ඉස්සරහා බංකුවක වාඩි උනේ කොහෙන්දො ආපු ඒ ලැජ්ජාවත් එක්කම...

"අපෝ මෙයාගේ කට නම්.. මොකො මේ බැග් එක තියා ගත්තේ ඇගේ වදි කියලද..."

"අනේ නැ තරංග මට නිකන් මොකක්ද වගේ..."

"අහ් හරි හරි... මම විහිලුවක් කලේ... කැමති විදියකට ඉන්න... බඩගිනි වගේ..."

"ම්ම්ම්... පාන් තියෙනවා සිනි සම්බොල දාල ටොස්ට් කරලා... මන් හැදුවේ... කමුද..."

"ම්ම්ම්... කමු බලන්න... ඔයා හදපු කැමක් කාලත් නැ නේ..."

"ආ කාලා කියන්නකො රසද කියලා..."

"කො බලමු..." කියලා තරංග පාන් කැල්ලක් ගත්තේ පොඩි ලමෙක් වගෙ කියලා හිතුනා...

"රසද..."

"ම්ම්ම්... රසයි... මට වෙන කගෙවත් කැම සෙට් වෙන්නෙ නැ අම්මගෙ එවා ඇර.. එත් ඔයාගෙ එවා අවුලක් නැ වගෙ...."

"එහෙනම් කමු ඔක්කොම...." කාලා එහෙමම පැය ගානක් අපි කතා කර කර ඉන්න ඇති...

"ඔලුව රිදෙනවා තරංග..."

"අප්පට සිරි... ඉස්සල්ලා තෙමුන නිසා වෙන්න ඇති.. ඔලුව තියාගන්න අමරු නම් මගෙ උරිස්සෙන්.." බැග් එක අයින් කරලා තරංගගෙ උරිස්සට ඔලුව තියාගත්තෙ  ජිවිතෙ පලවෙනි වතාවට... ඒ දැනුන උණුසුමට මගෙ හිත ලොබ වුනා...

"පහටත් ළගයි දැහැමි... දැන්ම යන්න වෙයි ගෙස්ට් එකක් හොයන්න... අපි මෙහෙ දන්නෙත් නැ නේ...  අමාරුද ඔයාට තාම..."

"නැ යමු... එක හරි යයි..."

"කාලා පැනඩොල් දෙකක් බොමු... එතකොට අඩු වෙයි..." එහෙම කියන ගමන් තරංගට තුරුල් වෙලා නැගිට්ටේ එනකොට ඇතින් ආවෙ කොහොමද කිය කිය හිනා වෙන ගමන්...

"කන්න දෙකුයි අර ඔයාට බොන්න ඔනෙ කිවුව දෙයි අරගෙනම යමු නෙද..."

"හ්ම්... බඩගිනි මටත්..."

"මොනාද කන්නේ..."

"ම්ම්ම්... කොත්තු..."

"ආසද..."

"ඔව්..."

"හ්ම්... කොත්තු දෙකක් දෙන්න මල්ලි..."

"මොනාද සර් ඔන.. චිකන්ද බිෆ්ද එග්ද..."

"චිස් කොත්තු නැද්ද..."

"තියෙනවා සර් මොනාත් එක්කද ඔන..."

"මොන කොත්තුද ඔනේ දැහැමි..."

"චිස් කාලා නැ මං..."

"එහෙනම් චිකන් විත් චිස් ගන්නද..."

"ම්ම්ම්.. හා..."

"චිකන් චිස් කොත්තු දෙකකුයි තව පැනඩොල් තියෙනවද..."

"ඔව් සර්..."

"පැනඩොල් දෙක්කුත් දෙන්න..."

"ආ මෙක ගන්න..."

"ම්ම්ම්... සුවදයි..."

"පෙරෙති..." කියු ඔහු මා දෙස බලා සිනාසුනෙය...

" ඔතන
ඉන්න මං අරක අරන් එන්නම්... ඔයා එන එක හරි නැ... බය නැ නෙද ඉන්න..."

"නැ ගිහින් එන්න..."





ගෙස්ට් එකට එනකොට හතට විතර ඇති... එක නුවර බහිරව කන්දෙ තිබුනු ලස්සන හොටලයක්..  රැ නිසා නම දැක්කෙ නැ... මුලු නුවරම එතන්ට ලස්සනට පෙනවා... කඔරෙට ආව ගමන්ම තරංග ඇහුවේ

"බය වෙලාද ඉන්නේ..." කියලා...

"නැ..."

"හ්ම්ම්... එහෙනම් ඔයා වොශ් එකක් දාගන්නවද..."

"ඔයා හොදන් එන්න...  මං ටිකක් ඉන්නම් ඔලුව කැක්කුමයි තරංග..."

මාත් ඇග සොදගෙන ආවට පස්සේ බොමු කියලා තිබුන යොජනාව ඉස්සරහට ආවා... කොත්තුවත් ඩිග ඇරන් බොන්න ලැස්ති උනෙ ආසාවෙන් කලින් බිලා තිබුනෙ නැති නිසා... වෙරි වෙන්න ආසාවෙන්.... එත් එක පාරක් ජොබ් එක කරන කාලෙ නම් බියර් බිලා තිබුනා මතකයි...

"එන්නකො එහෙනම් බොමු..." තරංග කිවුවෙ හිනා වෙවි...

"මෙහෙමයි කොත්තුවත් දිග ඇරගන්න... නැත්තන් කන්න බැරි වෙයි පස්සෙ...  මෙහෙම එක හුස්මට බොන්න..." කියලා මට එයා කොක් මිශ්‍ර කරපු වයිට් රම් විදුරුවක් දුන්නා... එක කටෙ ගැවුනාමත් පිච්චෙනවා වගෙ වුනා... විදුරුවෙන් බගයක්වත් බොන්න බැරුව බඩ දැවිල්ල එන්න ගත්තා...

"මටත් බොන්න බැ වගේ... ඔයා ඉද්දි බොන එකත් හරි නැ... සිහියෙන් ඉන්න ඔනේ... කාලා නිදාගමු එහෙනම්... "

කාලා ඉවර වෙලා පැය බගයක් විතර කයිය ගගහා ඉදලා එහෙම්මම තරංගට තුරුල් වෙලා නිදා ගත්තා... එයාගෙ පොරොන්දු පරිදිම වෙන කිසිම මං ඉල්ලුවෙත් නැ...

පහුවදා උදේ නුවර මාලිගාව පාරෙ කඩෙක කැම කන්න යනකොට තරංග කැම ඔඩර් කරන අතර තුර මගෙ ඇස් පාරෙ යන මිනිස්සු වෙත ගියෙ ඉබෙම වගේ... පුරුදු මුණක් ළග මගෙ පපුවව නතර උනා වගෙ දැනුනා... ඒ රාධා...


-මතු සම්භන්දයි-



Sunday, July 12, 2015

සංසාර ආදරේ හතරවන කොටස


උදෙ වෙනකන්ම ඇහැපියවුනේ නැ තරංග කතා කරයි කියලා මග බලාගෙන ඉදලම... දිල්ශාණි කතා කරහම මට කතා කරන්නම් කියලා තිබ්බත් එයා ආයේ කතා කරේ නැ... මං ගන්න කොල් ආන්සර් කරෙත් නැ... පාන්දරජාමේ වෙන්න ඇහැපියවෙලා ඇහැරෙනකොට දවල් වෙන්නත් ළගයි... නැගිට්ට ගමන් ෆොන් එක බැලුවෙ මැසෙජ් එකක්වත් තියෙයිද බලන්න... ම්හ් එත් නැ... එෆ්බි ලොග් වෙලා බලන්න ඔනේ...

"අනේ දැහැමි ෆොන් එකේ ක්‍රෙඩිට් නැ..."

තරංග මැසෙජ් කරලා තියෙනවා දැක්කා... එ වෙද්දිත් එයා ඔන්ලයින් හිටියා... මං මැසෙජ් එක සීන් කරා කියලා වැටුන නිසාද කොහෙද එයා අයේ මැසෙජ් කරා...

"අනේ තරහද... ඊයේ රෑ වෙලා ගෙදර ආවේ... මම බිවුවා... රිලොඩ් එකක් දාගන්නවත් සිහියක් තිබ්බේ නැ... තම කඩෙට යන්න බැ කැරකිල්ල වගේ... ඔයා එයිද බලන්න එෆ්බි එකට වෙලා හිටියේ..."

"මොකද ඊයේ උනේ..."

"රාධා කතා කරලා ඇඩුවා..."

"ඇයි ඒ... එයාව වයසක මිනිහෙක්ට බන්දලා දෙන්න යනවලු..."

"ඇයි ඒ... එයාට ආයේ ඔයාව ඔනලු ද..."

"මං ඕන වෙලාවක එන්න කියලා තියෙන්නේ එයාට... එත් එයා එන්නේ නැ... දන්නවානේ ටැමිල් අය අම්මලා තත්තලට බයයි... ඒ වචනෙට පිටින් යන්නෙ නැ..."

"එහෙනම් ඉතින් ඇයි අඩන්නේ... එන්නත් බැරිනම් එයාට ඔයා මොනා කරන්නද අෆ්ෆා..."

"ඔයාට තෙරෙණ් නැ අෆ්ෆා මෙක...මට දැන් අවුල තියෙන්නේ මං ඔයා එක්කත් සම්භන්දයක් පටන් ගත්ත එක... ඔයාගෙ ජිවිතෙත් මං නිසා විනාස වෙයි... දැහැමි අපි මේ සම්භන්දෙ නවත්තමු..."එක පාරට තරංග මෙහෙම දෙයක් කියයි කියලා මට හිතා ගන්න බැරි උනා... කියන්න දෙයක් හිතගන්න බැරුව මං ඇහුවෙ එක දෙයයි...

"ඔයාට මං නැතුව ඉන්න පුලුවන්ද..."

"එක නෙවෙනේ දැහැමි මෙතන තියෙන ප්‍රශ්ණේ.... ඔයාට පුලුවන් වෙන හොද කෙනෙක් හොයාගන්න... එත් රාධාගේ ජිවිතේ වෙනුවෙන් මං වග කියන්න ඕනේ..."

"එත් මෙච්චර දෙයක් වෙලත් එන්නේ නැති කෙනා ඔයා බලන් හිටියට ආයේ එයිද තරංග... ඔයාව රවට්ටවනවා වගේ කොල් කර කර අඩන්නේ... "

"don't say that..."


"sorry..."

"ඔයාට තෙරෙණ්නේ නැ අෆ්ෆා... ප්ලිස් තෙරුම් ගන්න රාධා එහෙ දුක් විදිනකොට මට පුලුවන්ද ඔයා එක්ක මෙහෙ සතුටින් ඉන්න... ඒ නිසා අපි මෙක නවත්තමු... මෙක කවදාවත් කෙරෙන දෙයක් නෙමෙයි..."

මායා බොන්චි වැලක් වගේ අහස උසට බැදපු මගේ බලාපොරොත්තු තරංග එක පොරෝ පාරෙන් කපලා බිමට දැම්මා වගේ දුකක් හිතට දැනුනා... මං කොහොමද එයා නැතුව ඉන්න හිතන්නෙවත්... කදුලු කැට මගේම ඇදුමට වැටිලා දියවෙලා ගියේ මේ දුක හැමදාම මට විතරක් උරුමයි කියන්වා වගේ... එත් කොහොම හරි තරංගගේ හිත හදලා එයාව තියාගන්න කියලා මගේ හිත කියනවා...

"මට ඔයා නැතුව ඉන්න බැ තරංග..." හිතට එන දෙවල් එයාට කියන්වා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැ...

"අනේ දැහැමි මට එක තෙරෙනවා... එත් කොහොමද අෆ්ෆා මෙහෙම දෙයක් තියෙද්දි මං ඔයාගෙ ජිවිතෙත් අමාරුවෙ දාන්නේ... මං ඔයාට උදවු කරන්නම් ඉගෙන ගන්න... හොද තැනකට එන්න... රාධාව බැන්දත් මං ඔයාට එ දෙවල් වලට උදවු කරන්නම්... යලුවෙක් වගේ හැමදාම ලගින් ඉන්නම්..."

"මට එවා වැඩක් නැ තරංග..."

"ඇයි... ඔයා එතකොට මට බොරුද කිවුවේ ගුවන් සෙවිකාවක් වෙන්න අසයි කියලා... මට කියපු හීන බොරුද..."

"නැ ඇත්තට
අසයි..."

"ඉතින් එවට මං උදවු කරන්නම්... සම්භන්දෙ නැවැත්තුවා කියලා මං ඔයාට උදවු නොකර ඉන්නේ නැ...."

"ඔයා නැතුව ඒ හීන ඉෂ්ට වෙලා මොකටද අෆ්ෆා..."

"අනේ පිලිස් මාව දාලා යන්න එපා..."

"ඔහොම කියන්න එපා දැහැමි... හැගිම් වලට වහල් නොවි හිතන්න ඔයාගේ ජිවිතේ ගැන..."

"මගේ ජිවිතේ ඔයා තරංග... තාම එයා ආවේ නැ නේ... එයා එනකන් හරි මාත් එක්ක ඉන්න..."

"එයා ආවහම... ඔයාට පුලුවන්ද මාව අත් අරින්න..."

"ඔව් පුලුවන්... බැරි උනත් කරන්නම එපැයි..."

"ඕවා කියන තරන් ලෙසි නැ දැහැමි කරන්න ගියාම... මට බැ ඔයාට දුකක් දෙන්න..."

"එක මං කොහොම හරි කරන්නම්... ප්ලීස් වෙන්වෙන්න දවසක් එනකන් මාත් එක්ක ඉන්න..."

"අනේ මන්දා ඔයා කිවුවාට තෙරුම් ගන්නේ නැ නේ..."

එහෙම කියලා එදා එයා හිටියාට එදායින් පස්සේ කවදාවත් මට කොල් කරෙවත් මාව හම්බ වෙන්නවත් ආවේ නැ... හැමදෙම මැසෙජ් විතරයි... එත් ඒ වෙනකොටත් ආයේ වෙන් කරන්න බැරි වෙන්න මං තරංගට බැදිලා ඉවරයි... එත් එයා පුලුවන් තරම් උත්සහ කලේ ඒ බැදිම අඩු කරගන්න... කාලය අපිට නොදැනිම ඉගිලෙනකොට මාත් ඒ ජිවන රටාවට හුරු උනා...





එත් එක පාරටම තනිකම මගේ හිතට දැනෙන්න ගත්තේ මහා දරුණු විදියට... එකට මුලිකවම බලපැවේ මල්ලිගේ වෙනස් වීම්...එයා එන්න එන්න මත් එක්ක රණ්ඩු වෙන ඒවා වැඩි උනා... පස්සෙ මං දැනගත්තේ එයා කෙල්ලෙක් එක්ක සම්භන්දයක් ඇති කරගෙන... කෙල්ලගේ කිමටද මන්දා මාත් එක්ක හැමදාම රණ්ඩු මොකක් හරි දෙකට...අන්තිමට මල්ලි මාත් එක්ක වචනයක්වත් කතා නොකරන තැනට ආවහම රෑට නින්ද යන්නේ නැතුව මං දවස් ගානක් ඉන්න ඇති... ඒ හැම දවසකම තරංගට මේ දෙවල් කියලා මීට් වෙමු කිවුවත් ඒ හැම දවසකම එයාගේ උත්තරේ උනේ බැ කියන එක තමා... එත් අන්තිමට එක දවසක්...

"අනේ තරංග මට මෙහෙම ජිවත් වෙන්න බැ අෆ්ෆා මැරෙන්න හිතෙනවා... මොකට මම ඉන්නවද ඔයා එන්නෙත් නැ... මල්ලි කතා කරන්නේ නැ... කතා කරොත් රණ්ඩුවක්... දැන් සතියක විතර ඉදන් මට නින්ද යන්නේ නැ... ඔයා දන්නවා නෙද..."

"මං දන්නවා දැහැමි... එත් මං මොනා කරන්නද..."

"අනේ ඔයා එන්න තරංග..."

"මීට් වෙන්නද...?"

"ඔව්... එක දවසක් එන්නකො..."

"එත් මං ආවොත් ඔයාට තව බලාපොරොත්තු දුන්නා වෙනවා..."

"අනේ ප්ලීස් එහෙම හිතන් නැතුව එන්න..."

"නොහිතා කොහොමද අෆ්ෆා ඔයාට ජිවිතේ ගැන බරක් පතලක් තෙරෙන්නේ නැද්ද..."
"
මට මෙහෙම ඉන්න බැ අෆ්ෆා හැමදාම රෑට ඇඩෙනවා... නින්ද යන්නෙම නැ මෙ ටිකේ... දවල්ට ඔලුව බරයි ගෙදර වැඩක් වත් කරන්න බැ... ප්ලිස් තරංග..." "

"එත් මං එක දවසක් ආවා කියලා ඔක හරි යයිද..."

"අනේ..."

"හරි මං එන්නම්... එත් එක දවසයි... ඔයා ඔයාගේ හිත හදාගන්න මට කරන්න දෙයක් නැ වෙන..."

"අනේ ඉක්මන්ට එනවද..."

"හ්ම්ම්... දැන් අඩන්නේ නැතුව කියන්නකො ඉතින් කොහෙද අපි යන්නේ..."

"නුවර යමු..."

"නුවර මොනාද බලන්න තියෙන්නේ..."

"පර්ක් එකට යමු... බොන්න ආසයි ඔයා එක්ක..."

"බොන්න නම් බැ... එහෙම උනොත් රෑ ඉන්න වෙයි..."

"අනේ රෑ ඉමුකො තරංග... ඔයා එනකොටත් වල් වෙනවා නේ... දවසෙන් බගයයි ඉතුරු වෙන්නෙ..."

"පිස්සුද ඔයාට... රෑ ඉන්නේ කොහොමද..."

"ඇයි ගෙස්ට් එක්ක ඉමු..."

"පිස්සුද දැහැමි..."

"ඔයා බයද මං ඔයාව හිර කරයි කියලා..."

"ඔයා හිර කරන්න දෙයක් නැ මෙහෙම ගියොත් මං හිර වෙයි... රෑ ඉන්න නම් බැ... ඔන්නම් ඇවිත් යන්න මං එන්නම්..."

"අනේ මං පොරොන්දු උනා නේ තරංග ඔයාව හිර කරන්නේ නැ කියලා... ප්ලීස් රෑට ඉමු..."

"හ්ම්ම් ඉමු එහෙනම්
... බීලා නටමූ..."

"නටමු..."

"එත් ගෙස්ට් එකේ උන් අපිව එලියට දායිද දන්නේ නැ..." අවුරුදු
ගානකින් අද හිනා උනේ වගේ හැගිමක් මගේ හිතට ආවා... තරංග එයාගේ හිතේ බර තියාගෙන උනත් මගේ හිත නිදහස් කරන්න හදනව කියලා හැම වෙලෙම දැනුනත් එ වෙනුවෙන් මට කරන්න පුලුවන් දෙයක් තිබ්බේ නැ... තනිකම හැමදෙකටම වඩා තදට මට වද දුන්නා...

"මට ඔයාගෙ අතින් වත් අල්ලන්න දෙන්නේ නැද්ද..."

"අතින් ඇල්ලුවට නම් කමක් නැ නෙද ඉතින්..."

"තුරුල් වෙලා නිදා ගන්න අසයි..." මෙච්චර කල් හිතේ හිර වෙලා තිබ්බ දේයක් මං ඇහුවේ එයා මීට් වෙන්න එන්න ගත්ත තිරණෙත් වෙනස් කරයිද කියලා බයෙන්...

"නිදාගමු එහෙම... එත් මං කියපු දෙවල් මතක තියගන්න...
හිතන්න මම කියපු දෙවල්... ඔයා මිට කලින් හොඳයි කියලා ගත්ත  තීරණ ගැන හිතන්න... ඒවා හරි ගියා... වැරදුන ඒවා ගැනත් හිතන්න... දැන් ගන්න හදන තිරණෙත් බලන්න... ඔයාගේ ජීවිතේට මට බලපෑම් කරන්න  බැ... හොදක් කරනවා නම් කරන්න විතරයි  පුළුවන්... පොඩිම පොඩි වැරදිමක්වත් මම නිසා  කරගන්න එපා ..."

මට හිතන්න කිවුවත් තරංග කියපු දෙයින් මට හිතන්න කිසි දෙයක් ඉතුරු උනේ නැ... තිබුනේ එකම බයයි... ඒ ආත්මීය ආදරේ මට අහිමි වෙයිද කියලා...




-මතු සම්භන්දයි-



Wednesday, July 1, 2015

සංසාර ආදරේ තුන්වන කොටස




"අපි හම්බ වෙමුද..."

"හ්ම්ම්... ඊට කලින් මට ඔයාට කියන්න දෙයක් තියෙනවා දැහැමි..."

"මොකක්ද..."

"මේක කොහොම කියන්නද මංදා... එත් කියන්න ඕනේ පස්සේ නැත්තන් ප්‍රශ්ණ වෙයි..."

"කියන්න..." තරංග ලොකු දෙයක් කියන්න හදන්නේ කියලා මට බයක් දැනුනා...

"මම කලින් යාලුවෙලා හිටපු කෙනා එක්ක ගොඩක් දුර දිග ගිය සම්භන්දයක් තිබ්බා... ඔයාට තෙරෙනවා නේ කියන එක..."

"ඒ කිවුවෙ..."

"එ කිවුවෙ හැමදෙම කරලා තියෙනවා... සොරි ඔයාට මාව අවුල් නම් මත් එක්ක සම්භන්දේ නැවැත්තුවත් කමක් නැ... එත් හංගන්න බැ මට... මුලින්ම මෙක කිවුවේ පස්සේ ප්‍රශ්ණයක් ඇති නොවෙන්න ඕන නිසා..."

එක පාරටම මට කිසි දෙයක් හිතාගන්න බැරුව ගියා...
එත් ඇත්තටම දැන් එවා ඉවරයි නේ... වෙන කොල්ලෙක් නම් මෙහෙම අවංකව කියයිද... එක නිසා මොකටද එක ගැන හිතලා... එහෙම හිතලා මං කිවුවා එවා මට ප්‍රශ්ණයක් නැ කියලා...

"මම යනවා දැහැමි... බායි..."

"කොහෙද යන්නේ..."

"හංදියට... මගෙ හිතට හරි නැ අෆ්ෆා..."

"අනේ ඉතින් මම එවා හිතන්නේ නැ... මං ඔයාට ආදරෙයි තරංග මොනවා උනත්... යන්න එපා... අවුලක් නැත්තන් ඔයාගෙ හිතේ තියෙන එවා මට කියන්න..."

"පස්සේ වෙලාවක කියන්නම්... ඔලුව අවුල් වෙනවා..."

එහෙම කියලා එතනින් ඒ කතාව නැවතුනා... මොකද වුනේ කියලා අහන්න ඔන කම තිබුනත් එහෙම අහලා එයාගේ හිත රිද්දන්න මට හයියක් තිබ්බේ නැ...



_______________________________________________________________________________


"අපි දැන් අවිස්සාවෙල්ලේ... ඔයා දැන් ගෙදරින් ආවා නම් හරි නෙද..."

"හරි මං එන්නම්..."

හාහාපුරා කියලා ඉස්සල්ලම තරංගව හම්බෙන්න යන්න ලැස්ති උනේ එදා... හම්බ වෙන්න තැනක් කතා කරගද්දි මට ඔන වුනේ නිදහස් තැනකට යන්න... එක නිසා මම රුම් යමු කිවුවාම තරංගත් ටිකක් බය වුනා වගේ... කෙල්ලෙක් එක පරටම එහෙම කියනකොට කවුද බය නොවෙන්නේ කියලා මට තෙරුණේ පස්සේ...

"උඔට පිස්සුද බං... හරි හමන් එකියක් නම් කොල්ලෙක් එක්ක රුම් යන්න කතා කරනවද... අනික කලින් හම්බවෙලත් ඇතුව..."

"නැ අකිල... උඔට තෙරෙණ්ණේ නැ... එයා එහෙම කෙල්ලෙක් නෙවේ... නිදහසෙ කතා කරන්න තැනක් නැනේ බං එකයි එයා එහෙම කියන්න ඇත්තේ..."

"අනේ බම්බුව... යි යකො අගෙට පෙරාදෙණියේ ගාර්ඩන් එක තියෙන්නේ... කැන්ඩි වලත් ලවර්ස් පාර්ක් එකක් තියෙනවා... මං කෙල්ල එක්ක යන්නෙත් එහෙට..."

"එහේ ඉන්න දෙන්නේ නැ කියන්නෙ බං... සික්කො විසිල් ගහන්වාලු අතින් ඇල්ලුවත්..."

"උඔ මොඩ වෙන්න එපා බං... කි මොකියක්ද කියලා කවුද දන්නේ... එදාට අපිත් එන්නම්... කියපන් පළවෙනි දවසෙම රුම් යන්න බැ කියලා... වෙන තැනක් කතා කරගනින්..."


තරංගගේ යාලුවො එයාට එහෙම කියනකොට මටත් හිතුනා මම එහෙම යොජනාවක් කරපු එක වැරදි කියලා... ඒ නිසා අපි හම්බවෙන්න මලිගාවට එන්න කතා උනා... එත් එකටත් බාදක...
"අයියො එපා බං... මලිගාවට ගියම ලවු කැඩෙනවලු... ගොඩක් උන්ට එහෙම වෙලා තියන්වා..."

"මොන පිස්සු කතාවක්ද දිල්ශානි ඒ... බුදු හාමුදුරුවො එහෙම දෙවල් කරනයැ... ඕවා බොරු කතා බං..."

"නැ බං ඇත්ත... මගෙ යලුවෙක්ට උනා බං... එකි අපි එපා කියද්දි ගියේ..."

"හික්ස් එහෙම නම් මාත් උඔලා එපා කියද්දි යන්නම්... බලපන් අපි වෙන් වෙයිද කියලා..." මම දිල්ශානිගේ කීම අහක දැම්මේ එහෙම කියන ගමන්...








කතා කරගත්ත විදියට මම උදේ දහයහමාර විතර වෙනකොට නුවරට ගියා... එයාලා ආපු බස් එක ටිකක් පරක්කු වෙලා තිබ්බ නිසා මම නුවර බස් ස්ටන්ඩ් එකෙන් ඉස්සරහට ඇවිදන් ඇවිත් රේල්වෙ ස්ටෙශන් එක ගාවට වෙලා බලන් හිටියේ හිතේ තිගැස්මක් එක්ක... කොහොම කතා කරන්නද කියලා හිත හිත ඉද්දිම ෆොන් එක රින් වුනා...

"හෙලො... කොහෙද ඉන්නේ..."

"මම ස්ටෙශන් එක ගාව..."

"අහ් ඉන්න අපිත් එතනින් බැස්සේ... ඔයාව පෙන්න නැ නේ... ම්ම්ම්... මොකක්ද ඇදලා ඉන්නේ..."

"සුදු පාට සායකුයි... ලා නිල් හැට්ටෙකුයි..."

"අහ්
දැක්කා දැක්කා..."

එහෙම කියනකොට මාත් එයාව දැක්කා... මම ෆොන් එක කට් කරලා වට පිට බැලුවේ නොදැක්කා වගේ... එක පාරට කොහොම මුණ දෙන්නද කියලා මට හිතාගන්න බැරි උනා... එත් හිත හිත ඉන්න වෙලාවක් තිබ්බේ නැ... එයාලා මං හිටපු තැනට ආවා...

"ගොඩක් වෙලාද ඇවිත්..." ආව ගමන් එයා එහෙම ඇහුවා...

"ඔව් දැන් ටිකක් වෙලා..." හිනා වෙන්න උත්සහ කරන ගමන් මං කිවුවා...


එහෙම කාතා කර කර අපි මාලිගාවට ආවා... එයාගේ යලුවො දෙන්නත් අපිට තනියම කතා කරන්න ඉඩ දිලා මාලිගාවෙන් එලියේ හිටියා... මල් වලට පැන් ඉහන්න ගිය වෙලාවේ තරංග මට ගොඩක් ඇතින් හිටියේ ඇගේ වදි කියලා බයෙන් වගේ...

"මම කිවුවේ ආවට අතින් වත් අල්ලන එකක් නැ කියලා..." හිනා වෙන ගමන් මම එහෙම කිවුවේ එයා ගැන කලින්ම එහෙම හිතුන නිසා...

"එක තමා මේ මාත් කල්පන කරේ..." කියල එයත් මගේ හිනාවට අත්වැල් ඇල්ලුවා...

මල් පුජා කරලා ඇවිත් අපි බොධිය ගාව දේවාලේ ඉස්සරහ වාඩි උනා... නුවරට ළග උනත් පොඩි කාලෙ විතරයි මම මාලිගාවට ඇවිත් තිබ්බේ... එක කිවුවාම එයා නම් හිනා උනා... එතන ඉදන් ගොඩාක් වෙලා අපි කතා කරා... අපි කිවුවට මම විතරයි... එයා මං දිහා බලාගෙනම හිටියා... අන්තිමට අපේ ඇස් මුණ ගැහුණා... ඒ තියුණු බැල්ම දාරාගන්න අපහසු උන නිසා මම ඇස් අහකට ගන්න උත්සහ කරා... එතකොට එයත් ලාවට හිනා වෙලා ඇස් අහකට ගත්තා...


ටික වෙලාවකින් අපි මාලිගාවෙන් ඇවිත් කැම කන්න එයාගේ යලුවො ලොකු තැන් වලට තරංගව එක්ක යන්න හදනවා... මට නම් ඔන උනේ පොඩි කඩෙකට ගිහිල්ලා නිදහසේ කන්න... ඒ මම පුරුදු උන හැටි... ලොකු තැන් වලට වඩා පොඩි තැන් වල නිදහස උපරිමයි... අන්තිමට කොහොම හරි තුනට විතර දවල් කැමත් කාලා යන්න වෙලාවත් ආවා...

බස් එකට වඩා කොච්චිය ලෙසි නිසා කොච්චියට මාව ඇරලවන්න එයාත් ආවා... අපි ස්ටෙශන් එකට එනකොටත් කොච්චිය යන්න ඔන්න මෙන්න...පපුව හිරවෙන තරම් දුකක් ආවත් යලුවො ඉස්සරහා නිසා කිසිදෙයක් කියාගන්න බැරුව මාව ගොලු උනා...
එයාත් කිසිදෙයක් කිවුවෙ නැතුව බලන් හිටියේ කරගන්න දෙයක් නැතුව... අන්තිම පාරට එයා දිහා බලලා අයේ හැරිලා බලන්නෙවත් නැතුව මම ඉක්මනට යන්න තියෙන කොච්චියට නැග්ගා... නැගලා ජනෙලෙකින් ආයේ බැලුවේ ඒ රුපේ දැකගන්න ආසාවෙන්... එත් ඒ වෙනකොටත් එයාලා ගිහිල්ලා ඉවරයි...


________________________________________________________________________________


"දැහැමි රාධා කතා කරලා ඇඩුවා..." එක පාරටම ගහෙන් ගෙඩි එන්නා වගේ ආව මැසෙජ් එකෙන් මට කීසි දෙයක් හිතාගන්න බැරි උනා...

"කවුද රාධා කියන්නේ..."

"මම කිවුවෙ කලින් යලුවෙලා හිටපු කෙනා..."

"ඇයි ඉතින් ඇඩුවේ..." මට කිසිදෙයක් තෙරුණේ නැ...

"මට තෙරෙණ්ණේ නැ අෆ්ෆා... එක දිග කතාවක්..."

"ඉතින් මට කියන්න... ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න තරංග මොකක් හරි විසදුමක් ඇති නේ..."

"
නැ විසදුමක් නැ... මේක විසදෙන්න නම් එක්කො එයා මැරෙන්න ඔන... නැත්තන් මං මැරෙන්න ඔන..."

"හරි දැන් මට කියන්නකො මොකක්ද වේලා තියෙන්නේ කියලා..."

ඊට පස්සේ එයාගෙන් මැසෙජ් වලට රිප්ලයි ආවේ නැ... ෆොන් කරාට ෆොන් එක අන්සර් කරෙත් නැ... මට හිතාගන්න බැරි උනා එක පරටම මොනාද උනේ කියලා... හවස් වෙනකන් බලන් හිටියත් අයේ තරංග මට කතා කරේ නැ... පපුව හිරකරන තරම් වෙදනාවක් එක්ක මට ඇඩුම් ආවේ මෙහෙම වෙයි කියල හීනෙකින් වත් හිතපු නැති නිසා... කියන්න කෙනෙක් නැති නිසා මම දිල්ශානිට කොල් එකක් ගත්තේ මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරුව...

"අනේ දිල්ශානි තරංග කතා කරන්නේ නැ..."

"අයියො බං ඇයි ඒ..."

"එයාගෙ කලින් කෙල්ල කතා කරලු... මටම ඇයි බං මෙහෙම වෙන්නේ..." වචන හිරවෙද්දි ඇඩුම් ආවේ නවත්ත ගන්න බැරුව...

"අනේ බං අඩන්න එපා... මට නොම්බරේ දිපං මං කතා කරලා කියනද..."

"එපා එයාට මාව එපා ඇති... මැරෙන්න හිහෙනවා
දිල්ශානි... ඇයි බං මටම මෙහෙම වෙන්නේ..." කතා කරගන්න බැරුව කදුලු කැට රුරා වැටුනේ පපුවේ ඊයම් බරු හිරකරන්නා වගේ වේදනාවකින්...

"අනේ අඩන්න එපා බං මල්ලි නැද්ද ගෙදර... දෙන්නකො එයාගේ නොම්බරේ මං කතා කරලා බලන්න..."

"හ්ම්ම්...ඉන්න ටිකක්..."



-මතු සම්භන්දයි-





Saturday, June 27, 2015

සංසාර ආදරේ දෙවන කොටස







උදෙම නැගිටලා එෆ්බි ලොග් වෙන්න හිතන් හිටියත් නැගිටිනකොට දොලහත් පහුවෙලා... ඉක්මන්ට එෆ්බි ලොග් උනේ තරංග ඉන්නවද බලන්න... එයා කලින් නැගිටලා වගේ ඔන්ලයින් ඉන්නවා... ආව ගමන් චැට් කරන එක හරි නැද්ද මන්දා... හිත මගෙන්ම අහනවා... එත් ආසයි කතා කරන්න... ටිකක් හිත හිත ඉදලා මමම "හායි" කිවුවා...

"ගුඩ් මොර්නින්... දැන්ද නැගිට්ටේ..."

"ඔව් අෆ්ෆා නින්ද ගියානේ... ඔයා නම් උදෙම නැගිටිනවා වගේ..."

"හෙක් හෙක් පිස්සුද මාත් මේ දැන් නැගිට්ටා විතරයි... අපිත් නිකන් වවුල්ලු වගේ... රෑට ඇහැරලා දවල්ට නිදි..."

"හික්ස් එක නම් ඇත්ත... ඔයා කැවද... මම කාලා එන්නම්..."

"තාම නැ
මාත් කන්න යන්න ඔන..."

"එහෙනම් කාල එන්න..."

"ඔකේ බායි.."


කන්න කියලා ආවට මම උයන්නත් ඔන... එක කියන්න හිතුනත් අයෙ හිතුනා මේවා කොහොම එයාට කියන්නද කියලා... අද මෙහෙම උනාට වෙනදට කල්පනා කර කර ඉදලා නිදා ගන්නේ අනිත් මිනිස්සු ඇහැරිලා දවස පටන් ගන්නකොට... හැමදාම ඇහැරෙනකොට දවල් වෙලා... මගේ ජිවිතෙට මොකද උනේ... එක අතකට ඉලවු ලවු නැතුව ජොබ් එක කරගෙන අගේට ඉන්න තිබ්බා... ඔවා හොද පාඩම් කියලා මටම කියාගෙන මම කුස්සියට ගිය මට හිල්ලුනේ ඉබෙටම... උයන්න කිසි දෙයක් නැ... මේ මාසේ තාත්තාගේ පෙන්ශන් එක අරගෙන තාම කී දවසද... කඩේ ණය ටික ගෙවුවාහම එක ඉවරයි.. මල්ලි අද සෙනසුරාදා නිසාද කොහෙද තාම ඇදේ... බඩගිනිත් ඇති එත් කියන්නෙ නැ... හෙමිට පහළ ළිදට ගිහින් මුණ කට හොදගෙන කඩෙට ගියේ පොතටවත් කුස්සියට බඩු ටිකක් අරන් එන්න හිතාගෙන...

__________________________________________________________________________________

"කම්මැලි නේද දවල්ට..."

"ඇයි ඔය පැත්තේ ගගවල් එහෙම තියෙනවා නේද... කම්මැලි වෙලාවට ගිහින් ඇවිදලා නාල එහෙම එන්න..."

"ඔව් මහවැලි ගග මේ ළග තියෙන්නේ... එත් යන්න කවුරුත් නැ අෆ්ෆා..."

"ඇයි ගෙදර අය එන්නේ නැද්ද..."

"ගෙදර කවුරුත් නැනේ..."

"ඇයි අම්ම තාත්තා නැද්ද..."  මගේ පපුව හිර වුනා වගෙ දැනුනා... කොහොම කියන්නද මම අනාත කෙල්ලෙක් කියලා... කටවත් කියලා නැති දුක එයාට කියලා හිත නිදහස් කරගන්න හිතුනා... එත් හැමදාම වගේ බයයි එහෙම දුක කියන්න ගිහින් කරදරයක් වෙයි කියලා... මොකද එෆ් බී එකෙ බහුතරයක් එහෙම විශ්වාස කරන්න බැරි නිසා... ඒ තියා හැබැ ජිවිතේ හම්බවෙන කෙනෙකුටවත් මම මගේ විස්තර කියලා නැ... එහෙම නොකරන්නේ මගේ ආරක්ශාව ගැන හිතලා.. මොකද පහත් තැන් වලින්ලු නේ හැම වෙලෙම වතුර බහින්නේ...

"මගේ අම්මා තාත්තා නැ..."  හම්බවෙලා එක දවසින් කොහෙන් ආපු විශ්වාසෙකින්ද මංදා මම එයාට කිවුවා...

"අයියෝ සොරි මං දැනන් හිටියේ නැ... හිත රිදුනා නම් සොරි..."

"නැ එක ගානක් නැ..." හිතේ තිබ්බ බර නිදහස් උනා වගේ දැනුන නිසා වෙන්න ඇති මං එහෙම කිවුවේ...

"එතකොට ඔයා කා එක්කද ඉන්නේ..."

"මල්ලි එක්ක..."

"
එතකොට කන්න එහෙම සල්ලි... එහෙම ඇහුවට කමක් නැද්ද..."

"තාත්තාගේ පැන්ශන් එක එනවා... ශෙප් එකෙ වැඩ ටික කරගන්න ඇති..." ණයට ගන්නවා කියලා කියන්න මගේ කටට ආවේ නැත්තේ ඒ මම පුරුදු වෙලා හිටපු හැටිද කොහෙද... කොච්චර අග හිගකම් තිබ්බත් එවා කාටවත් කියලා අනුකම්පාව ලබා ගන්න මම කැමති උනේ නැ... අනික අනුකම්පාව භුමිකම්පාව වෙයි කියලා බයක් මගෙ හිතේ තිබ්බ නිසාද කොහෙද අග හිගකම් ගැන කාටවත් කියන්න හිත දුන්නේ නැ...

"එතකොට නැදැයෝ කවුරුත් නැද්ද..."

"ඉන්නවා... උඩ ගෙදර නැන්දලා එහෙම..." ඇත්තට නැයෙක් තියා බල්ලෙක්වත් නැති උනත් එක පාරට එහෙම කියන්න පොඩි බයක් දැනුනා... දැනටමත් තරංගට මම කාටවත් කියල නැති දෙවල් ගොඩක් කිවුව නිසාද කොහෙද දැන් ඔය ඇති කියලා මගේ හිත මට තරවටු කරන්වා වගේ දැනුනා...

"එහෙනම් බයක් නැ නෙද... මල්ලි ලොකුද..."

"එයා දහය වසරේ..."

"ආහ් පොඩි නෙද... ගෙදර තනියමද අෆ්ෆා ඔයාලා ඉන්නේ... බය නැද්ද රෑට ඉන්න..."

"බයයි... එත් දැන් පුරුදු වෙලා... අනික මල්ලිත් ඉන්නව නේ..."

"හ්ම්ම්... අනේ මංදා මට නම් හිතාගන්න බැ... කොහොම හරි කමක් නැ පරිස්සමෙන් ඉන්න..."

එහෙම කියලා එයා මේ සින්දුවල පද එව්වා... කොල්ලෙක් විදියට එයාට එක පාරටම මට පරිස්සම් වෙන්න කියල කියන්න පුලුවන් කමක් තියෙන්න නැතුව ඇති කියලා හිතුනා... එත් ඒ සින්දුවේ පද ටිකෙන් එකෙන් ගොඩාක් දෙවල් මම තෙරුම් ගත්තා එයා ගැන...

"  මගේ අමල් බිසො දොර අරින් එපා
හොද පරිස්සමෙන් ඉදපන්... "

"  මේ ගොදුරු සොයන රුදුරු වන සතුන්
මිතුරු වෙසින් ඇසුරට ඒවි...
බලගෙනයි පෙම්බර දේවී..."





______________________________________________________


      "දැහැමි, මේ අම්මා බනිනවා මම කාල එන්නද... ඔයා කැවද..."

                       "ඔව් මම කැවා... ඔයා කාලා එන්න..."

                           "එල...විනඩි පහෙන් එන්නම්..."

                     ඒ විනාඩි පහ කල්පයක් වගේ දැනුනේ...

                                        " ආවො..."

                       "හික්ස් කැවද ඔච්චර ඉක්මනට..."









"ඔව්... ඉක්මනට කැවා... මට දැන් ඔයා නැතුව ඉන්න බැරි වෙගෙන එනවා වගේ... පස්සට මොනවා වෙයිද..."

"මට නම් දැනටම හිතිලා තියෙන්නේ..."

"මොනවද..."

"කොහොමද එක කියන්නේ..."

"කියන්න නේද..."

"මට විතරක් එහෙම හිතිලා මදි නේද..."

"කියන්න නේද... එක්කෙනෙක්ට හිතුනත් ඇති..."

"මං ඔයාට ආදරෙයි..."

"මාත් ආදරෙයි... එත් කොහොම කියන්නද හිතාගන්න බැරුව හිටියේ..."


"දැන් ඔයා මොනා හිතනවද දන්නේ නැ මං ගැන... කෙල්ලෙක් මෙහෙම ආදරෙයි කිවුව එක ගැන... අනික එෆ්බී එකේ... එත් මට තෙරෙණ්නෙත් නැ... මං ඔයාට ආදරෙයි තරංග..."

"මට තෙරෙනවා... මටත් ඔයා එක්ක කතා කර වෙලේ ඉදන් මහ අමුතු හැගිමක් දැනෙනවා...මං ඔයාට ඔයාගේ ජිවිතෙට ආදරෙයි... එත් මමත් හිතුවේ නැ ජිවිතේට එෆ්බී එකේ කෙල්ලෙක්ට ආදරේ කරයි කියලා... එ දවස් වල මම බැන්නා මෙකේ ලවු වලට... මටත් හිතාගන්න බැ එක දවසට මේ උන දේ..."


"මටත් තෙරෙණ්නේ නැ ඇයි ඔයාට මේ හැමදෙම කිවුවේ කියලා... මම හෙණ බයයි කාටවත් විස්තර කියලා නැ මෙච්චර කාලෙකට... එත් අද මාර නිදහසක් දැනෙනවා මෙච්චර කල් හිතේ හිරවෙලා තිබ්බ දුක ඔයාට කියපු නිසා..."

"හ්ම්ම් මට තෙරේණවා දැහැමි... අදින් පස්සේ මට කියන්න ඔයාගේ හිතේ තියෙන හැමදේම... මං අහන් ඉන්නම්..."





-මතු සම්භන්දයි-